Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 6:10

Sinhala Revised Old Version

අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පූජකයා වෙතට ගෙනේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

ඔහු පිරිසිදුවූ පසු ඔහුට සත් දවසක් නියමකරන්ට යෙදේවා.

ඉදින් ස්වාමීන්වහන්සේට ඔහුගේ පූජාව පක්ෂීන්ගෙන් වූ දවන පූජාවක් නම්, කොබෙයියන්ගෙන් හෝ පරෙවි පැටවුන්ගෙන් හෝ ඔහු තමාගේ පූජාව ඔප්පුකළ යුතුය.

පුත්‍රයෙකු සඳහා හෝ දුවෙකු සඳහා හෝ ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල්හි දවන පූජාවකට අවුරුද්දක්වූ බැටළුවස්සෙක්ද පාප පූජාවකට පරෙවි පැටියෙක් හෝ කොබෙයියෙක්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනා යුතුය.

තමාගේ වත්කමේ හැටියට එකෙක් පාප පූජාවක් කොටද අනිකා දවන පූජාවක් කොටද ආහාර පූජාව ඇතුළුව ඔප්පුකෙරේවා. එසේ පූජකයා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමගිකමක් කරන්නේය.

අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙකු හෝ පරෙවිපැටවුන් දෙන්නෙකු හෝ රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අවුත් උන් පූජකයාට දේවා.

අටවෙනි දවසෙහි කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ රැගෙන සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට උන් ගෙනා යුතුය.

උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවාදෙනු ලැබ, අප ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබීම සඳහා නැගුටුවනු ලැබූසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්