ඈ දිවුරවමින් ඈට කථාකොට: නුඹේ පුරුෂයා යටතේ සිටිනාතර කිසි පුරුෂයෙකු නුඹ සමඟ සයනය නොකළානම්, නුඹ අපවිත්‍රකමට අහක්ව නොගියානම්, ශාපය උපදවන මේ තික්ත වතුරෙන් නුඹට අන්තරා නොවේවා.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–යම් මනුෂ්‍යයෙකුගේ භාර්යාව අහක්ව ඇගේ පුරුෂයාට විරුද්ධව වැරද්දක් කර,
ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒ ස්ත්‍රිය සිටුවා, ඇගේ හිසකේ ලිහවා, ඒ ශංකා ආහාර පූජාව වන සිහිවීමේ පූජාව ඇගේ අත්වල තබා, ශාපය උපදවන තික්ත වතුර තමාගේ අතේ තබාගෙන,
නුමුත් ඒ ස්ත්‍රී කිලුටු නොව පවිත්‍රව සිටී නම්, ඈ උපද්‍රවයෙන් බේරී ගර්භීණී වන්නීය.
නුමුත් යේසුස්වහන්සේ කථා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමියි උන්වහන්සේට කීවේය.
පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂයා ජීවත්ව සිටිනතෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මැරුණොත්, පුරුෂයාට බැඳී සිටි ව්‍යවස්ථාවෙන් ඈ මිදී සිටින්නීය.