මැටි භාජනයකට ශුද්ධ වතුර ගෙන, මණ්ඩප භූමියෙහි තිබෙන ධූලියෙන් ටිකක් අරන් වතුරේ දමා,
ඔව්හු දුරදීම තමුන්ගේ ඇස් ඔසවා බලා, ඔහු නෑඳින, ශබ්ද නඟා අඬා, තම තමුන්ගේ සළු ඉරාගෙන, අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය.
සේදීම පිණිස පිත්තලෙන් භාජනයක්ද පිත්තලෙන් එහි අඩියද සාදන්න. එය සම්මුඛවීමේ කූඩාරමටත් පූජාසනයටත් අතරෙහි තබා එහි වතුර වත්කරන්න.
අහෝ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්ස, ඔබව අත්හරින සියල්ලෝම ලජ්ජාවට පත්වන්නෝය; මාගෙන් අහක්වයන්නෝ ජීවමාන වතුර උල්පත වන ස්වාමීන්වහන්සේ අත්හැරිය බැවින්, ඔවුන් ගැන පොළොව පිට ලියනු ලැබේ.
සමහරවිට බලාපොරොත්තුවක් තිබේය කියා තමාගේ මුඛය දූවිල්ලෙහි තබාගන හිඳීවා.
එවිට පූජකයා ඈ කැඳවාගෙන ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ සිටුවා,
ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒ ස්ත්‍රිය සිටුවා, ඇගේ හිසකේ ලිහවා, ඒ ශංකා ආහාර පූජාව වන සිහිවීමේ පූජාව ඇගේ අත්වල තබා, ශාපය උපදවන තික්ත වතුර තමාගේ අතේ තබාගෙන,
ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂාකරමින් උන්වහන්සේට වරද තබන්ට කාරණයක් ලබන පිණිසය. නුමුත් යේසුස්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.
නැවතත් නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.