ඔව්හු නිල් රෙද්දක් ගෙන පහන්රුකද ඒකේ පහන්ද ඒකේ කතුරුද කතුරු තැටිද ඊට ගන්න සියලු තෙල් භාජනද වසා,
ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.
ඒකද ඒකේ සියලු භාජනද තහෂ් හම් වැස්මක දමා මැස්ස පිට තබත්වා.
ඔව්හු ඒවා පිට රතු රෙද්දක් අතුරා ඒක තහෂ් හම් වැස්මකින් වසා ඒකේ පොලු තබත්වා.
මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි.
මාගේ දකුණතෙහි නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන් රුක් සතේද රහස ලියන්න. තාරකා සත නම් සභා සතේ දූතයෝය; පහන් රුක් සත නම් සභා සතය.