එසේ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට ගණන්කරනලද ඔවුන් තුන්දාස් දෙසියයක්ය.
මොවුන්ගෙන් ගණන්ගනු ලැබූ අය මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමින්ගේ ගණනේ හැටියට හදාස් දෙසියයක්ය.
සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස ඇතුල් වෙන්නාවූ සියල්ලෝ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා දුන් අණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කළාවූ, මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරන ලද්දෝ මොව්හුය.
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.
නුඹේ අගුල් පොලු යකඩ සහ පිත්තලය; නුඹේ ශක්තියද නුඹේ දවස් මෙන් වන්නේය.