මෙහෙකිරීමෙනුත් බර ගෙනයාමෙනුත් ගේර්ෂොන්වරුන්ගේ පවුල්වලට කරන්ට තිබෙන සේවය මෙසේය–
මණ්ඩපයද බානලද්දේය; එවිට මණ්ඩපය උසුලා ගෙනයන්නෝ වන ගේර්ෂොන්ගේ පුත්‍රයෝද මෙරාරීගේ පුත්‍රයෝද පිටත්ව ගියෝය.
සම්මුඛවීමේ කූඩාරමෙහි ගේර්ෂොන් පුත්‍රයන්ගේ භාරයනම් මණ්ඩපය සහ කූඩාරමද ඒකේ වැස්ම සහ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද,
මණ්ඩපය සහ පූජාසනය ළඟ වටකරින් මළුවේ තිරද මළුවේ දොරකඩ කඩතුරාවද ඒකේ සියලුම වැඩවලට ඕනෑකරන ලනුද බලාගැනීමය.
කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය.
ඔවුන් අතිශුද්ධ දේවලට ළඟාවන කල්හි නොනැසී ජීවත්ව සිටින පිණිස ඔවුන් ගැන මෙසේ කරන්න–ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ඇතුල්ව ඔවුන් එක එකා තම තමාගේ මෙහෙයටත් ගෙන යන බරටත් පත්කරත්වා.
තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න.
ඔව්හු මණ්ඩපයේ තිරද සම්මුඛවීමේ කූඩාරමද ඒකේ වැස්මද එය පිට උඩින් තිබෙන තහෂ් හම් වැස්මද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද,
ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන්ට ගෙනයන්ටත් කරන්ටත් තිබෙන සියල්ල වන ඔවුන්ගේ මුළු මෙහෙය ආරොන්ගේද ඔහුගේ පුත්‍රයන්ගේද ආඥාවේ හැටියට ඔව්හු කරත්වා. ඔවුන්ට ගෙනයන්ට තිබෙන සියල්ලම ඔවුන්ට නියමකරදෙන්න.
මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් අධිපතීන්ද විසින් ගණන්කළාවූ සියලුම ලෙවීවරු වන,
ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ඔවුන් සියල්ලෝ එකිනෙකාගේ මෙහෙයත් ගෙන යන බරත් ලෙස මෝසෙස් විසින් ගණන්කරනු ලැබුවෝය. මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ගණන්කරන ලද්දෝය.
ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ඔහු ගැල් දෙකක්ද ගවයන් සතර දෙනෙක්ද දුන්නේය.