මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ජුබිලිය පැමිණි කල්හි ඔවුන්ගේ උරුමය ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලැබ අපේ පියවරුන්ගේ ගෝත්‍රයේ උරුමයෙන් පහවේයයි කීවෝය.
ස්වාමීන්වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද,
දේශය හැමදාටම විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද දේශය මාගේය. නුඹලා වනාහි මා වෙත වසන විදේශීන් හා ආගන්තුකයෝය.
අවුරුදුවල සත් සබතක් නුඹට ගණන්කර ගන්න, එනම් සත් වරක් සත් අවුරුද්දක්ය; එවිට අවුරුදුවල සත් සබතක දවස් එනම් හතළිස් නව අවුරුද්දක් නුඹට වන්නේය.
ඉදින් ඔවුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වෙන ගෝත්‍රවල පුත්‍රයන්ගෙන් කිසිවෙකුට විවාහවූවොත් ඔවුන්ගේ උරුමය අපේ පියවරුන්ගේ උරුමයෙන් පහවී ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලබනවා ඇත. මෙසේ ඒක අපේ උරුම කොටසින් පහවන්නේය.
මෝසෙස් ස්වාමීන්වහන්සේගේ වචනය හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකොට: යෝසෙප් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ අය කියනවා හරිය.