Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 36:2

Sinhala Revised Old Version

දේශය උරුමයක් කොට පසඇට දැමීමෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ අපේ ස්වාමිතුමාට අණකළසේක. අපේ ස්වාමිතුමා අපේ සහෝදරවූ ශෙලෝඵෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේගෙන්‍‍‍ අණ ලැබීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

යෝබ්ගේ දූවරුන් මෙන් රුව ඇති ස්ත්‍රීහු ඒ මුළු දේශයෙහි නොසිටියාහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දුන්නේය.

පසඇට දැමීමෙන් නුඹලාගේ වංශවල හැටියට දේශය උරුම කරගන්න; වැඩිව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය වැඩිකර, ස්වල්පව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය ස්වල්ප කරදෙන්න. දාදුවෙන් යමෙකුට වැටෙන ස්ථානයම ඔහුට වේවා; නුඹලාගේ පිය ගෝත්‍රවල හැටියට උරුමකරගන්න.

ඉදින් ඔවුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වෙන ගෝත්‍රවල පුත්‍රයන්ගෙන් කිසිවෙකුට විවාහවූවොත් ඔවුන්ගේ උරුමය අපේ පියවරුන්ගේ උරුමයෙන් පහවී ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලබනවා ඇත. මෙසේ ඒක අපේ උරුම කොටසින් පහවන්නේය.

ලෙබනොන් පටන් මිස්රෙපොත්-මයිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු ශීදොන්වරුන් මම ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දමන්නෙමි. මා විසින් නුඹට අණකළ හැටියට පසඇට දමා එය ඉශ්‍රායෙල්වරුන්ට උරුමයක් කොට බෙදන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්