Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 36:10

Sinhala Revised Old Version

ශෙලෝඵෙහාද්ගේ දූවරු ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙසම කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.

සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෙසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණකළ ලෙසම කළෝය.

මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකෙළේය, ඔහු කී ලෙස ඔව්හු දෙස් කීවාවූ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනවුත් ගල්ගසා මැරුවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස කළෝය.

ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කළෝය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔව්හු කළෝය.

මෙසේ ශෙලෝඵෙහාද්ගේ දූවරුන්වූ මාලාද තිර්ශාද හොග්ලාද මිල්කාද නෝවාද යන මොව්හු තමුන්ගේ පියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් සමඟ විවාහ වූහ.

මෙසේ උරුමයක් එක ගෝත්‍රයකින් වෙන ගෝත්‍රයකට මාරු නොවන්නේය; මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රයන් තම තමුන්ගේ උරුමයටම බැඳී සිටිනවා ඇතැයි කීවේය.

මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.

ඔව්හු පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද අධිපතීන්ද ඉදිරියට අවුත්: ස්වාමීන්වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දෙන්ට මෝසෙස්ට අණ කළසේකැයි කීවෝය. එබැවින් ඔහු ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්