Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 34:14

Sinhala Revised Old Version

මක්නිසාද තමුන්ගේ පිය පෙළපත් ලෙස රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයටද තමුන්ගේ උරුමය ලැබීතිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

එහෙත්, නුඹලා එසේ නොකළොත්, බලව, නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළා වේ. නුඹලාගේ පාපයද නුඹලා පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න.

මෝසෙස් ඔවුන්ට එනම් ගාද් පුත්‍රයන්ටත් රූබෙන් පුත්‍රයන්ටත් යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ රාජ්‍යයද බාෂාන්හි රජවූ ඕග්ගේ රාජ්‍යයද යන දේශය සහ එහි සීමාවල නුවරවල් වන දේශයෙහි වටකර තිබුණු නුවරවල්ද දුන්නේය.

එසේ ඒ ගෝත්‍ර දෙකටද අර්ධ ගෝත්‍රයටද යොර්දානෙන් මෙගොඩ යෙරිකෝව ළඟ නැගෙනහිර දිශාවෙහි තමුන්ගේ උරුමය ලැබීතිබේයයි කීවේය.

ඔහු ප්‍රථම කොටස තමාටම සපයාගත්තේය, මක්නිසාද නීති දායකයා විසින් කොටසක් එහි ඉතුරුකර තිබුණේය; ඔහු සෙනඟගේ ප්‍රධානීන් කැටුව විත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද ඉශ්‍රායෙල් සමඟ උන්වහන්සේගේ විනිශ්චයන්ද ඉෂ්ටකෙළේයයි කීය.

අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන්ගේ දේශය නුඹට උරුමයක් කොට දෙන පිණිස තෙමේම ප්‍රකාශවී, ස්වකීය මහත් බලය කරණකොටගෙන නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්