අල්මොන්-දිබ්ලාතයි මෙන් පිටත්ව ගොස් නෙබෝ ඉදිරිපිට අබාරීම් කඳුවල කූඩාරම් ගසාගත්තෝය.
බාමොතෙන් මෝවබ් රටේ තිබෙන මිටියාවත සහ කාන්තාරය ඉදිරිපිට තිබෙන පිස්ගා මුදුන දෙසටද ගමන් කළෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ අබාරීම්නම් කන්දට නැගී මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දේශය බලන්න.
දීබොන්-ගාදෙන් පිටත්ව ගොස් අල්මොන්-දිබ්ලාතයිම්හි කූඩාරම් ගසාගත්තෝය.
යෙරිකෝව ඉදිරියේ මෝවබ් දේශයෙහි අබාරීම් කඳු අතරේ තිබෙන නෙබෝ කන්දට නුඹ නැගී, උරුමයක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දෙන කානාන් දේශය බලා,
ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද,