එශියොන්-ගෙබෙර් කෙරෙන් පිටත්ව ගොස් සීන් කාන්තාරයෙහි එනම් කාදෙෂ්හි කූඩාරම් ගසාගත්තෝය.
එසේ ඔව්හු ගොස් ශීන් කාන්තාරයේ පටන් හමාත්ට යන තැන තිබෙන රෙහොබ් දක්වා දේශය සෝදිසිකළෝය.
මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ එනම් මුළු සභාව පළමුවෙනි මාසයේදී ශීන් කාන්තාරයට ආවෝය; සෙනඟ කාදෙෂ්හි නවාතැන් ගත්තෝය; මිරියාම් එහිදී නැසී එහි තැන්පත්කරන ලද්දීය.
මක්නිසාද ශීන් කාන්තාරයෙහිදී සභාව කළ විවාදයේදී ඔවුන්ගේ ඇස් හමුවෙහි වතුර ළඟදී මා ගෞරවයට නොපමුණු වන ලෙස, නුඹලා මාගේ අණට විරුද්ධව කැරළි ගැසූ නිසායයි කීසේක. ඒ වනාහි ශීන් කාන්තාරයේ කාදෙෂ්හි තිබෙන මෙරීබා වතුරය.
අබ්රොනාවෙන් පිටත්ව ගොස් එශියොන්-ගෙබෙර්හි කූඩාරම් ගසාගත්තෝය.
එසේ වන්නේ ශීන් කාන්තාරයේ කාදෙෂ්හි මෙරිබා ජලය ළඟදී නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මට විරුද්ධව වරදකොට ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මට ගෞරව නොකළ නිසාය.