ඔව්හු ඒලීම් කෙරෙන් පිටත්ව ගොස් රතු මුහුද ළඟ කූඩාරම් ගසාගත්තෝය.
පසුව ඔව්හු ඒලිම්හි සිට ගමන් ගත්තෝය, තවද ඔවුන් මිසර දේශයෙන් නික්ම ගියායින් පසු දෙවෙනි මාසයේ පසළොස්වෙනි දිනදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඒලිම් සහ සීනයි අතරෙහිවූ සීන් නම් වනාන්තරයට පැමුණුණහ.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.
රතු මුහුද ළඟින් පිටත්ව ගොස් සීන් කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය.
මාරා කෙරෙන් පිටත්ව ගොස් ඒලීම්ට ආවෝය. ඒලීම්හි දිය උල්පත් දොළොසක් හා තල්ගස් සැත්තෑවක්ද තිබුණේය; ඔව්හු එහි කූඩාරම් ගසාගත්තෝය.