ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිදියන් ස්ත්‍රින්ද ඔවුන්ගේ බාලයන්ද වහල්කමට ගෙන ඔවුන්ගේ සියලු ගවයන්ද ඔවුන්ගේ සියලු සිව්පා රැළවල්ද ඔවුන්ගේ සියලු සම්පත්ද කොල්ලයක් කොට ගත්තෝය.
ඔවුන්ගේ සියලු දරුවන්ද භාර්යාවන්ද අල්ලාගෙන, ගෙවල තිබුණු සියලු දේද කොල්ලකා ගත්තෝය.
ඔව්හු සිව්පාවුන්ගේ මඩුවලටත් පහරදී බොහෝ බැටළුවන්ද ඔටුවන්ද අල්ලාගෙන යෙරුසලමට හැරී ආවෝය.
ඒ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සිරියේ රජු අතට පාවාදුන්සේක; සිරියවරු ඔහුට පහරදී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙනගියෝය. ඔහු ඉශ්‍රායෙල් රජු අතටත් අසුවී ඒ රජ තෙමේ මහත් මැරීමකින් ඔහුට පහර දුන්නේය.
ඔවුන් විසූ ස්ථානවල සියලු නුවරවල්ද ඔවුන්ගේ සියලු කොටුද ගින්නෙන් දවා දැමූහ.
මක්නිසාද යුද්ධකාරයෝ තම තමුන්ට කොල්ලය ලබාගන සිටියෝය.
මරනලද්දවුන් අතරේ එවීද රෙකෙම්ද ශූර්ද හූර්ද රෙබාද යන මිදියන් රජුන් පස්දෙනාද මැරුවෝය. ඔව්හු බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ද කඩුවෙන් මැරුවෝය.
නුමුත් ස්ත්‍රීන්ද බාලයන්ද සිව්පාවුන්ද නුවර තිබෙන සියල්ල එනම් එහි මුළු කොල්ලයද නුඹලාටම කොල්ලයක් පිණිස අරගන්න; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන්නාවූ නුඹේ සතුරන්ගෙන් ගන්න කොල්ලය නුඹට කන්නට පුළුවන.