ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු මිදියන්වරුන්ට විරුද්ධව යුද්ධකොට සියලු පිරිමින් මැරුවෝය.
කූෂාන්හි කූඩාරම් විපත්තියට යටවී තිබෙනවා දුටිමි. මිදියන් දේශයේ තිර වෙවුලුවේය.
නුඹලා විසින් කළ යුතු දේ නම් සියලු පුරුෂයන්ද පුරුෂයන් සමඟ සයනය කළ සියලු ස්ත්‍රීන්ද මුළුමනින්ම විනාශකරදැමීමයයි කීවෝය.
එවිට සියලු මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද එකට රැස්ව මෙගොඩට ඇවිත් යෙශ්‍රෙයෙල් මිටියාවතේ කඳවුරු බැඳගත්තෝය.
දාවිත් පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් ඉතුරු නොකර දේශයේ සියල්ලන් මරාදමා, බැටළුවන්ද ගවයින්ද කොටළුවන්ද ඔටුවන්ද වස්ත්‍රද අරගෙන හැරී ආකීෂ් ළඟට ආවේය.