ඒ කොල්ලය සටනට ගිය යුද්ධ දක්ෂයන් සහ මුළු සභාව අතරේ දෙකොටසකට බෙදන්න.
සේනාවන්ගේ රජවරු පලායති, ඔව්හු පලායති. ගෙදර සිටින තැනැත්තීද කොල්ලය බෙදාගන්නීය.
රිදී පැහැ ඇති කොබෙයියෙකුගේ පියාපත් මෙන්ද උගේ කහපාට රත්රන් අත්තටු මෙන්ද වූ නුඹලා බැටළු ගාල්වල සයනය කරන්නහුද?
නුඹද පූජකවූ එලෙයාසර්ද සභාවේ පිය පෙළපත්වල ප්‍රධානීහුද අල්ලාගනු ලැබූ මනුෂ්‍යයන් හා මෘගයන් යන කොල්ලය ගණන්කරන්න.
නුඹලා බොහෝ ධනයද සිව්පාවුන් ඉතා මහත් ගණනක්ද රිදීද රන්ද පිත්තලද යකඩද බොහෝ වස්ත්‍රද ඇතුව නුඹලාගේ කූඩාරම්වලට ගොස්, නුඹලාගේ සතුරන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ සහෝදරයන් සමඟ බෙදාගන්නැයි ඔවුන්ට කීවේය.
එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සෙනඟද ඔවුන්ට තවත් අඬන්ට පුළුවන්කම නැතිවෙන තුරුම ශබ්දනගා ඇඬුවෝය.