ඔව්හු යොර්දාන් අසබඩ යෙරිකෝව සමීපයෙහි වූ මෝවබ් සමභූමිවල කඳවුරේ සිටි මෝසෙස් සහ පූජකවූ එලෙයාසර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවද වෙතට අල්ලාගත්තවුන් හා මෘගයන්ද කොල්ලයද ගෙනාවෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව ගොස් යෙරිකෝව ළඟ යොර්දානෙන් එතර මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.
එහෙත් මුළු කොල්ලයද මනුෂ්‍යයන්ගෙන් සහ මෘගයන්ගෙන් අල්ලාගත් සියල්ලද අරගත්තෝය.
මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද සභාවේ සියලු අධිපතිහුද ඔවුන් සම්බවෙන්ට කඳවුරෙන් පිටතට ගියෝය.
යෝෂුවා හාශොර් පමණක් පුලුස්සා දැමුවේය. ඒ නුවරවල මුළු කොල්ලයද සිව්පාවුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ට කොල්ලයක් කොට ගත්තෝය; නුමුත් තමුන් විසින් සියලු මනුෂ්‍යයන් විනාශකරනු ලබන තුරු ඔවුන්ට කඩු මුවහතින් පහරදුන්නෝය, හුස්ම හෙළන කිසිවෙකු ඔව්හු ඉතුරු නොකළෝය.
රන් රිදී සියල්ලද පිත්තල සහ යකඩ බඩුද ස්වාමීන්වහන්සේට කැපය. ඒවා ස්වාමීන්වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතුයයි කීවේය.