ඇගේ බාර ඈ පිට තිබියදී නොහොත් ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියාවුණාවූ දේ තිබියදී ඈ පුරුෂයෙකු සමඟ විවාහවූවානම්,
දෙවියන්වහන්ස, ඔබට වූ භාර මා පිට තිබේ. මම ඔබට ස්තුති පූජා පුදන්නෙමි.
(ස්ත්‍රීන් වන) අපත් අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකර පානපූජා වගුරුවන විට, අප විසින් එසේ ඈට සේවයකිරීමට කැවුම් සෑදුවෙත් පානපූජා වැගිරෙවුවෙත් අපේ පුරුෂයන් නොදැනුවත්වදැයි කීවෝය.
නොහොත් යමෙක් නපුර කිරීමට හෝ යහපත කිරීමට හෝ ඉක්මන්ව කථාකරමින් දිවුරුවොත්, මනුෂ්‍යයෙක් දිවිරීමකින් ඉක්මන්ව කථාකරන කොයි දෙයක් වුවත් ඔහු නොදැන සිටිය නුමුත්, ඔහු එය දැනගත් කල මේ දේවලින් එකක් ගැන ඔහු වරදකාරයෙක් වන්නේය.
එහෙත් ඇගේ පියා එය ඇසූ දවසේදී ඈට තහනම්කළොත්, ඇගේ බාරද ඈ බැඳුණ බැඳීම්ද ස්ථිර නොවන්නේය. ඇගේ පියා ඈට තහනම් කළ බැවින් ස්වාමීන්වහන්සේ ඈට ක්ෂමාකරනසේක.
ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී කිසිවක් නොකීවොත්, ඇගේ බාරද ඈ බැඳුණු ඇගේ බැඳීම්ද ස්ථිර වන්නේය.
ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.