Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 30:15

Sinhala Revised Old Version

එහෙත් ඔහු ඒවා ඇසුවායින් පසු යම් අන්දමකින් ඒවා අවලංගුකළොත්, ඔහු ඇගේ අයුතුකම දරන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

යමෙක් කාරණාවක් දැක නොහොත් දැනගන සාක්ෂිකාරයෙක්ව සිටිද්දී, දිවුරවීමේ හඬ අසා නොදන්වා සිටීමෙන් පව්කළොත්, ඔහු තමාගේ අයුතුකම දැරිය යුතුය.

එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඒවා මුළුමනින්ම අවලංගු කෙළේනම්, ඇගේ බාරවල් ගැනද ඇගේ බැඳීම ගැනද ඇගේ තොල්වලින් නික්මුණාවූ කිසිවක් ස්ථිර නොවන්නේය. ඇගේ පුරුෂයා ඒවා අවලංගු කෙළේය; ස්වාමීන්වහන්සේද එය ඈට ක්ෂමාකරනසේක.

එහෙත් ඇගේ පුරුෂයා දවසින් දවස ඒ ගැන නිශ්ශබ්දව සිටියොත් ඈ කෙරෙහි තිබෙන ඇගේ සියලු බාරවල් හෝ ඇගේ සියලු බැඳීම් ඔහු විසින් ස්ථිරකරනු ලැබේ. ඔහු ඒ ඇසූ දවසේදී ඈට කිසිවක් නොකී බැවින් ඔහු ඒවා ස්ථීරකෙළේය.

පුරුෂයෙකු සහ ඔහුගේ භාර්යාව අතරේද පියෙකු සහ ඔහුගේ දුව ඇගේ තරුණ වයසේදී ඇගේ පියාගේ ගෙයි සිටින කල ඈ අතරේද පවත්වන ලෙස ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ පනත් මේවාය.

එහෙත් ඇගේ පියා එය ඇසූ දවසේදී ඈට තහනම්කළොත්, ඇගේ බාරද ඈ බැඳුණ බැඳීම්ද ස්ථිර නොවන්නේය. ඇගේ පියා ඈට තහනම් කළ බැවින් ස්වාමීන්වහන්සේ ඈට ක්ෂමාකරනසේක.

එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඈට තහනම් කළොත්, ඈ කෙරෙහි තිබෙන ඇගේ බාරයද ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියවුණාවූ වචනද ඔහු අවලංගුකරන්නේය. ස්වාමීන්වහන්සේද ඈට ක්ෂමාකරනසේක.

නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්