තවද ඇගේ පුරුෂයාගේ ගෙයිදී ඈ බාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට ඈ දිවුරුමකින් බැඳුණොත්,
ඇගේ පුරුෂයාද ඒ අසා කිසිවක් නොකීයේනම්, ඈට තහනම් නොකෙළේ නම්, ඇගේ සියලු බාරද ඈ කරන්ට බැඳුණාවූ සියල්ලද ස්ථිරවන්නේය.
මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට බාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට බැඳෙන හැටියට දිවුරුමක් දිවුළොත් ඔහු තමාගේ වචනය කඩනොකර තමාගේ මුඛයෙන් නික්මෙන සියල්ල ලෙස කෙරේවා.
එහෙත් වැන්දඹුවකු විසින් හෝ අත්හරිනලද භාර්යාවකු විසින් හෝ බාරයක් වූ කල්හි ඈ බැඳුණු සියල්ලම ඈ කෙරෙහි ස්ථිරවන්නේය.
ඇගේ පුරුෂයාවූ එල්කානා: නුඹට යහපත්ව පෙනෙන දේ කරන්න; ඔහු කිරිවරන තුරු නවතින්න; නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනය ඉෂ්ටකරන සේක්වයි ඈට කීවේය. මෙසේ ඒ ස්ත්‍රී නැවතී තමාගේ පුත්‍රයා කිරිවරන තුරු ඔහුට කිරි දුන්නාය.