මෝසෙස්ද ලෙවීවරුන් විසින් මුදනු ලැබූවන්ට වඩා වැඩිව සිටියන්ගේ මිදීමේ මිල ගත්තේය.
මුදනු ලබන්ට සිටින්නන්ගේ වැඩිපුර ගණනින් ලත් මුදල ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට දෙන්නැයි කීසේක.
ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන්ගෙන් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ගණනට ෂෙකෙල් එක්දාස් තුන්සිය හැටපහක් මුදල ගෙන,