Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 3:41

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගවයන් අතරෙහි සියලු කුලුඳුල් ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද මට ගනින්න; මම ස්වාමීන්වහන්සේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේට ඔප්පුකරනු ලබන සියලු සත්වයන්ගෙන් මනුෂ්‍යයන්ගේ වේවා මෘගයන්ගේ වේවා ගර්භයේ සියලුම ප්‍රථම ඵල නුඹට අයිතිය. එසේවී නුමුත් මනුෂ්‍යයන්ගේ කුලුඳුලන් නුඹ සැබවින් මිදිය යුතුය, අපවිත්‍ර මෘගයන්ගේ කුලුඳුලන්ද නුඹ විසින් මිදිය යුතුය.

බලව, මමම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගර්භයේ පළමුවෙනියන් වන සියලු කුලුඳුලන් වෙනුවට ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ගතිමි; ලෙවීවරු මට අයිති වන්නෝය.

මක්නිසාද සියලු කුලුඳුලෝ මාගේය; මා විසින් මිසර දේශයේ සියලුම කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද සියලුම කුලුඳුලන් මට විශුද්ධකරගතිමි. ඔව්හු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේයයි කීසේක.

මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් ගණන් කෙළේය.

ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඔවුන්ගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද ගනින්න. ලෙවීවරු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේය.

මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් මුළුමනින්ම මට දෙනලද්දෝය; ඉශ්‍රායෙල් ප්‍රත්‍රයන් අතරෙහි ගර්භයේ ප්‍රථම ඵලවූ සියල්ලන් එනම් සියලු කුලුඳුලන් වෙනුවට ඔවුන් මට ගත්තෙමි.

එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කීසේක.

උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නාවූ, මනුෂ්‍යයාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේය. ඊට සාක්ෂිය නියම කාලවලදී ලැබේ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්