මෝසෙස් සහ ආරොන් විසින් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ලෙවීවරුන්ගෙන් ඔවුන්ගේ පවුල්වල හැටියට ගණන්කරනලද මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු පිරිමි විසි දෙදහසක්ය.
ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමි වන විසිතුන්දාහක්ය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ කිසි උරුමයක් ඔවුන්ට නුදුන් බැවින් ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබූහ.
එසේ ගණන්කරනු ලැබුවාවූ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු කුලුඳුල් පිරිමි නාම ගණනේ හැටියට විසි දෙදාස් දෙසිය සැත්තෑ තුන්දෙනෙක්ය.
මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.