වටකරින් මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද බලාගැනීමය.
මණ්ඩපයේ සියලු වැඩවලට ගන්නාවූ සියලු ආවුදද ඒකේ සියලු ඇණද මළුවේ සියලු ඇණද පිත්තලෙන් විය යුතුය.
මෙරාරීගේ පුත්‍රයන්ට නියම භාරයනම් මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද කුළුනුද අඩිද ඒකේ සියලු උපකරණද ඒකේ මෙහෙයට ගන්නා සියල්ලද;
නැගෙනහිර පැත්තෙහි මණ්ඩපයට ඉස්සරහපිටින් නැගෙන ඉරට සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට කඳවුරු බැඳගන්නෝනම් මෝසෙස් හා ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද වෙත්. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝය; ළංවන්නාවූ අන්‍යයා මරනු ලබන්නේය.
මෙරාරීගේ පුත්‍රයන් ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන්න;