මොවුන්ගෙන් ගණන්ගනු ලැබූ අය මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමින්ගේ ගණනේ හැටියට හදාස් දෙසියයක්ය.
රූබෙන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියලු පිරිමි සතළිස් හදාස් පන්සියයක්ය.
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් හදාස් පන්සියයක්ය.
යූදාගේ කඳවුරෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ අසූහදාස් හාරසියයක්ය. ඔවුන් ප්‍රථමකොට පිටත්ව යායුතුය.
මාලී පවුල සහ මූෂී පවුල මෙරාරීගෙන් වූවෝය. මෙරාරීවරුන්ගේ පවුල් මේවාය.
මෙරාරීවරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියා නම් අබිහයිල්ගේ පුත්‍රවූ ශූරියෙල්ය. ඔව්හු මණ්ඩපයට උතුරු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය.