කොහාත්වරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියානම් උස්සීයෙල්ගේ පුත්‍රවූ එලිශාඵාන්ය.
උස්සීයෙල්ගේ පුත්‍රයෝ: මීෂායෙල්, එල්ෂාපාන් සහ සිත්රීය.
එවිට මෝසෙස් ආරොන්ගේ බාල පියා වන උසියෙල්ගේ පුත්‍රයන්වූ මිෂායෙල් හා එල්ශාඵාන් කැඳවා: නුඹලා ළඟාවී නුඹලාගේ සහෝදරයන් ශුද්ධ ස්ථානය ඉදිරියෙන් කඳවුරෙන් පිටතට උස්සාගන යන්නැයි ඔවුන්ට කීවේය.
අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය.
කොහාත් පුත්‍රයන්ගේ පවුල් මණ්ඩපයට දකුණු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය.
ඔවුන්ගේ භාරය නම් පෙට්ටියද මේසයද පහන්රුකද පූජාසනද ශුද්ධස්ථානයෙහි සේවයට ගන්නා භාජනද කඩතුරාවද ඊට අයිති සියලු වැඩද බලාගැනීමය.
කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය.
අති ශුද්ධ දේ ගැන සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත් පුත්‍රයන්ගේ මෙහෙය නම් මේය: