පූජක තනතුරෙහි මෙහෙකරන පිණිස ආරොන් විසින් කැපකරනලද්දාවූ ආලේපලත් පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ නාම මේය.
දාවිත් ගේර්ෂොන්ද කොහාත්ද මෙරාරීද යන ලෙවීගේ පුත්‍රයන් වංශවල හැටියට පංක්තිවලට බෙදුවේය.
ඒවා නුඹේ සහෝදරවූ ආරොන්ටද ඔහු හා සමඟ ඔහුගේ පුත්‍රයන්ටද පළඳවන්න; ඔවුන් පූජක තනතුරෙහි මට සේවයකරන පිණිස ආලේපකර කැපකර විශුද්ධකරන්න.
ආරොන්ට ශුද්ධ වස්ත්‍ර හඳවා පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔහු ආලේපකොට ශුද්ධකරන්න.
පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන්ගේ පියාණන් ආලේප කළාක් මෙන් ඔවුන්ද ආලේපකරන්න. ඔවුන් ආලේපකිරීම ඔවුන්ගේ සියලු පරම්පරාවලට ඔවුන්ට සදාකාල පූජකකමක් පිණිස වන්නේයයි කීසේක.
ඔහු ආරොන් පවිත්‍රකරන පිණිස ඔහුගේ හිස පිට ආලේප තෛලය වත්කොට ඔහු ආලේපකෙළේය.
මෝසෙස් ආලේප තෙලින් හා පූජාසනය පිට තිබුණු ලෙයින් රැගෙන ඒවා ආරොන් පිටද ඔහුගේ වස්ත්‍ර පිටද ඔහුගේ පුත්‍රයන් පිටද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර පිටද ඉස ආරොන් සහ ඔහුගේ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද විශුද්ධ කෙළේය.
එහෙත් නාදාබ් සහ අබීහු සීනයි කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය, ඔවුන්ට දරුවෝ නොසිටියෝය. එලෙයාසර් සහ ඊතාමාර් තමුන්ගේ පියවූ ආරොන් ඉදිරියෙහි පූජක තනතුරේ සේවයකළෝය.
මක්නිසාද ව්‍යවස්ථාව දුර්වලකම් ඇත්තාවූ මනුෂ්‍යයන් උත්තම පූජකයන් කොට පත්කරන්නේය; නුමුත් ව්‍යවස්ථාවට පසු පැමුණුණාවූ දිවුරුමේ වචනය තෙම සදාකාලේටම සම්පූර්ණව සිටින පුත්‍රයාණන් පත්කරන්නේය.