Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 3:25

Sinhala Revised Old Version

සම්මුඛවීමේ කූඩාරමෙහි ගේර්ෂොන් පුත්‍රයන්ගේ භාරයනම් මණ්ඩපය සහ කූඩාරමද ඒකේ වැස්ම සහ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

23 හුවමාරු යොමු  

සම්මුඛවීමේ කූඩාරමේ භාරයද ශුද්ධස්ථානයේ භාරයද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් තමුන්ගේ සහෝදරයන්වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ භාරයද බලාගැනීමත්ය.

හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය.

මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරමේ වැස්ම තැබීය.

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මණ්ඩප දොරකඩ කඩතුරාව එල්ලා,

එහෙත් ලෙවීවරුන් සාක්ෂි මණ්ඩපය කෙරෙහිද එහි සියලුම භාණ්ඩ කෙරෙහිද ඊට අඩංගු සියල්ල කෙරෙහිද පත්කරන්න. ඔව්හු මණ්ඩපයද එහි සියලු භාණ්ඩද උස්සා ගෙන යන්නෝය; ඔව්හු එහි මෙහෙය කරමින් මණ්ඩපය හාත්පස කූඩාරම් ගසාගෙන සිටින්නෝය.

මණ්ඩපයද බානලද්දේය; එවිට මණ්ඩපය උසුලා ගෙනයන්නෝ වන ගේර්ෂොන්ගේ පුත්‍රයෝද මෙරාරීගේ පුත්‍රයෝද පිටත්ව ගියෝය.

ගේර්ෂොන්වරුන්ගේ පිය පෙළපතේ අධිපතියා නම් ලායෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය.

ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඉදිරියෙහි ඔහුට සහ මුළු සභාවටත් සේවය කරමින් මණ්ඩපයේ වැඩ කරත්වා.

ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ඔහු ගැල් දෙකක්ද ගවයන් සතර දෙනෙක්ද දුන්නේය.

ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩද දී, අවදිව සිටින්නැයි දොරටුපාලයාට අණ දී, තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මනුෂ්‍යයෙකුට සමානය.

ස්වාමීන්වහන්සේ තුළ නුඹ ලැබූ සේවය සම්පූර්ණකරන පිණිස ඒ ගැන බලාගන්නැයි අර්කිපස්ට කියන්න.

මාගේ පුත්‍රවූ තිමෝතියස්නි, නුඹ ගැන කලින් කීවාවූ අනාගතවාක්‍ය ලෙස මේ ආඥාව නුඹට භාරදෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්