ගේර්ෂොන්වරුන්ගේ පවුල් මණ්ඩපය පිටිපස අපරදිගින් කූඩාරම් පිහිටුවාගන්නෝය.
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.
එවිට සම්මුඛවීමේ කූඩාරම කඳවුරුවලට මැදිව ලෙවීවරුන්ගේ කඳවුර සමඟ පිටත්ව යන්නේය. ඔව්හු කූඩාරම් ගසාගන්න පිළිවෙළටම තම තමුන්ගේ ස්ථානවල සිට තමුන්ගේ ධජවල හැටියට පිටත්ව යා යුතුය.
ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලුම පිරිමින්ගේ ගණනේ හැටියට හත්දාස් පන්සියයක්ය.
ගේර්ෂොන්වරුන්ගේ පිය පෙළපතේ අධිපතියා නම් ලායෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය.