මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ ප්‍රකාර ඔවුන් ගණන්කෙළේය.
ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ එලෙස කළෝය. ඵාරාවෝගේ අණ ලෙස යෝසෙප් ගැල්ද මගට කෑමද ඔවුන්ට දුන්නේය.
ලෙවීගේ පුත්‍රයන් ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ඔවුන්ගේ වංශවල ප්‍රකාරයට ගණන්කරන්න. මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලු පිරිමින් නුඹ විසින් ගණන්කළ යුතුයයි කීසේක.
නාම වශයෙන් ලෙවීගේ පුත්‍රයෝනම් ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.
මෝසෙස් සහ ආරොන් විසින් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ලෙවීවරුන්ගෙන් ඔවුන්ගේ පවුල්වල හැටියට ගණන්කරනලද මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු පිරිමි විසි දෙදහසක්ය.
ඒ මුදනු ලැබූවන්ගේ මුදල ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුන්නේය.
ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන්ට ගෙනයන්ටත් කරන්ටත් තිබෙන සියල්ල වන ඔවුන්ගේ මුළු මෙහෙය ආරොන්ගේද ඔහුගේ පුත්‍රයන්ගේද ආඥාවේ හැටියට ඔව්හු කරත්වා. ඔවුන්ට ගෙනයන්ට තිබෙන සියල්ලම ඔවුන්ට නියමකරදෙන්න.
ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස කොහාත්වරුන්ගේ පවුල්වලින් සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකළාවූ, මෝසෙස් හා ආරොන් විසින් ගණන්කරන ලද්දාවූ සියල්ලෝ මොව්හුය.
ස්වාමීන්වහන්සේගේ අණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කරනු ලැබුවාවූ, සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකළාවූ, ගේර්ෂොන්ගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරනලද සියල්ලෝ මොව්හුය.
ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා දුන් අණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කළාවූ, මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරන ලද්දෝ මොව්හුය.
ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ඔවුන් සියල්ලෝ එකිනෙකාගේ මෙහෙයත් ගෙන යන බරත් ලෙස මෝසෙස් විසින් ගණන්කරනු ලැබුවෝය. මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ගණන්කරන ලද්දෝය.
ලෙවීගේ පුත්‍රයෝවූ පූජකයෝද එහි පැමිණෙත්වා; මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් තමන්ට සේවයකරන පිණිසද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ඔවුන් තෝරාගත් සේක; ඔවුන්ගේ කීමේ හැටියට සියලු විවාදද සියලු දඬුවම්ද වේවා.