ගොනාටත් බැටළුවාටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාවද පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
මෙය වනාහි නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර එක එක සබත් දවසේදී ඔප්පුකරන දවන පූජාවය.
ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට දවන පූජාවක් පිණිස කැලල් නැති එක ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,
නුඹලාගේ බාරවලටත් නුඹලාගේ ස්වෙච්ඡා පූජාවලටත් අඩංගුවන්නාවූ නුඹලාගේ දවන පූජාද ආහාර පූජාද පාන පූජාද ශාන්ති පූජාද ඇර මේවා නුඹලාගේ නියම මංගල්‍යවලදී ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න කියා ඔවුන්ට කියන්නැයි කීසේක.