කැලල් නැති තරුණ ගොන් දහතුන් දෙනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද,
අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා.
නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් පිණිස,
උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් ගොන් දහතුන් දෙනාගෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද බැටළුවන් දෙන්නාගෙන් එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද,