අනික් බැටළු පැටවා සවස පූජාකරන්න. උදය ආහාර පූජාව මෙන්ද ඒකේ පාන පූජාව මෙන්ද ඒක ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට ඔප්පුකරන්න.
එහෙත් ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදිය යුතුය. පූජකයා ඒ සියල්ල ඔප්පුකොට පූජාසනය පිට දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ දවන පූජාවක්ය.
ඌ වෙන් නොකොට අත්හැඳි ළඟින් ඉරා පූජකයා පූජාසනය පිට ගින්නෙහි තිබෙන දර පිට ඌ දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති දවන පූජාවක්ය.
එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.
ඒකේ පාන පූජාව එක එක බැටළුපැටවාට හිනකින් සතරෙන් කොටසක්ය. ස්වාමීන්වහන්සේට පාන පූජාවක් පිණිස ශුද්ධස්ථානයෙහි මද්‍යපානය වත්කරන්න.
සබත් දවසේදී කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙකුද ආහාර පූජාවකට තෙල් මිශ්‍ර සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙකොටසක්ද ඒකේ පාන පූජාවද ඔප්පුකරන්න.
ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.