Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 26:58

Sinhala Revised Old Version

ලෙවීවරුන්ගේ පවුල් මේවාය: ලිබ්නී පවුලය, හෙබ්‍රොන් පවුලය, මාලී පවුලය, මූෂී පවුලය, කෝරා පවුලය. කොහාත්ට දාව අම්රාම් උපන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

අම්රාම් තමාගේ පියාගේ සහෝදරීවූ යොඛෙබෙද් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා ආරොන් සහ මෝසෙස් බිහිකළාය. අම්රාම්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.

කොරාගේ පුත්‍රයෝ: අස්සීර්, එල්කානා සහ අබියාසාප්ය; මොවුන් කොරාවරුන්ගේ පෙළපත්ය.

ලෙවීගේ පුත්‍රවූ කොහාත්ගේ පුත්‍රයා වන ඉශ්හාර්ගේ පුත්‍රයාවූ කෝරාද රූබෙන් පුත්‍රයෝ වන එලියාබ්ගේ පුත්‍රයෝවූ දාතාන් හා අබීරාම්ද පෙලෙත්ගේ පුත්‍රවූ ඕන්ද,

අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය.

මාලී පවුල සහ මූෂී පවුල මෙරාරීගෙන් වූවෝය. මෙරාරීවරුන්ගේ පවුල් මේවාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්