Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 26:54

Sinhala Revised Old Version

වැඩිව සිටින්නන්ට වැඩියෙන්ද අඩුව සිටින්නන්ට අඩුවෙන්ද ඔවුන්ගේ උරුමය දෙන්න. ගණන්කරනු ලැබූවන්ගේ ගණනේ ප්‍රකාරයට එක එක ගෝත්‍රයට උරුමය දෙනු ලැබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

නාම ගණන හැටියට දේශය මොවුන්ට උරුමයක් වෙන පිණිස බෙදනු ලැබිය යුතුය.

ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන,

එබැවින් අපි නුඹ ඉදිරියෙහි කරුණාව ලදිමුනම් මේ දේශය නුඹේ මෙහෙකරුවන්ට උරුමයක් පිණිස දෙනු ලබාවා; යොර්දානෙන් එතරට අප නොපැමිණෙවුව මැනවයි කීවෝය.

පසඇට දැමීමෙන් නුඹලාගේ වංශවල හැටියට දේශය උරුම කරගන්න; වැඩිව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය වැඩිකර, ස්වල්පව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය ස්වල්ප කරදෙන්න. දාදුවෙන් යමෙකුට වැටෙන ස්ථානයම ඔහුට වේවා; නුඹලාගේ පිය ගෝත්‍රවල හැටියට උරුමකරගන්න.

නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමයෙන් නුවරවල් දිය යුතු වන්නේ වැඩියේ ඇති අයගෙන් වැඩියේත් ස්වල්පයක් ඇති අයගෙන් ස්වල්පයකුත්ය. එකිනෙකාට ලැබෙන තමාගේ උරුමය ලෙස තම තමාගේ නුවරවලින් ලෙවීවරුන්ට දිය යුතුයයි කීසේක.

යෝසෙප්ගේ පුත්‍රයෝ යෝෂුවාට කථාකොට: ස්වාමීන්වහන්සේ මේ දක්වා අපට ආශීර්වාදකළ බැවින් අප මහත් සෙනඟක්ව සිටියදී ඔබ එක කොටසක්ද එක පංගුවක්ද පමණක් අපට උරුමයක් කොට දුන්නේ මක්නිසාදැයි කීවෝය.

සිමියොන් පුත්‍රයන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ කොට්ඨාසයෙන් ගන්ට යෙදුණේය. මක්නිසාද යූදා පුත්‍රයන්ගේ කොටස ඔවුන්ට වැඩිව තිබුණේය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පුත්‍රයන්ට උරුමයක් තිබුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්