ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද මිසරදේශයෙන් ආවාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද අණකළ ලෙස විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇති සෙනඟගේ ගණන ගන්නැයි කීවෝය.
මිසරයට පැමිණියාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් මේය: යාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝය. යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්ය.
සාතන් ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැගිට ඔවුන් ගණන්කරන්ට දාවිත් පෙළඹවුවේය.
ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.
ඔවුන් මිසර දේශයෙන් නික්ම ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි කාන්තාරයෙහි සම්මුඛවීමේ කූඩාරමේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට මෙසේ කීසේක:
මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඔවුන්ට කථාකරමින්–
ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ය. රූබෙන්ගේ පුත්‍රයෝ නම්: හනොක්ගෙන් පැවත ආ හනොක් පවුලය. පල්ලූගෙන් පැවත ආ පල්ලූ පවුලය.