යූදාගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සැත්තෑ හදාස් පන්සියයක්ය.
එම්බා යූදා, නුඹේ සහෝදරයෝ නුඹට ප්‍රශංසාකරන්නෝය. නුඹේ අත නුඹේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; නුඹේ පියාගේ පුත්‍රයෝ නුඹ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය.
යූදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත්වුණේය, ඔහුගෙන් අධිපතියා පැවතආයේය; නුමුත් කුලුඳුල්කම යෝසෙප්ට අයිතිය.)
ස්වාමීන්වහන්සේ නුඹලා හා නුඹලාගේ දරුවන් වඩ වඩා වර්ධනයකරනසේක්වා.
පෙරෙශ්ගේ පුත්‍රයෝනම්: හෙශ්රොන්ගෙන් පැවත ආ හෙශ්රොන් පවුලය. හාමුල්ගෙන් පැවත ආ හාමුල් පවුලය.
මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ යූදා ගෝත්‍රයෙන් නැගුටුණු බව ඉතා පැහැදිලිය; ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මෝසෙස් කීවේ නැත.