ඉශ්‍රායෙල් මනුෂ්‍යයා පස්සේ කූඩාරමට ඇතුල්වී ඉශ්‍රායෙල් මනුෂ්‍යයාද ඒ ස්ත්‍රීගේ බඩද සිදුරුවන ලෙස ඒ දෙදෙනාටම ඇන්නේය. එවිට ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් වසංගතය නැවතුණේය.
සාවුල්ගේද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ගේද ඇට බෙන්යමින් රටේ ශේලාහි තිබෙන ඔහුගේ පියවූ කීෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කොට රජු විසින් අණකළ සියල්ල කළෝය. ඉන්පසු දේශය ගැන කළ කන්නලව්ව දෙවියන්වහන්සේ පිළිගත්සේක.
එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ දේශය ගැන කන්නලව්ව පිළිගත්සේක, වසංගතයද ඉශ්‍රායෙල් අතරෙන් නැවතුණේය.
එවිට දාවිත්: සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගීමට කමතේ ඉඩම මට දෙන්න; සම්පූර්ණ මිල ගණනට ඒක මට දෙන්ට ඕනෑයයි ඔර්ණාන්ට කීවේය.
ජීවනයද සමාදානයද ඇති මාගේ ගිවිසුම ඔහු සමඟ විය; භය ඇතුව සිටින පිණිස ඒවා ඔහුට දුනිමි, එසේ ඔහු භයව, මාගේ නාමය කෙරෙහි භයාදුකමින් සිටියේය.
ළංවන්නාවූ, ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට ළංවන්නාවූ කවුරු නුමුත් නසින්නේය. තීන්දුවට අපි සියල්ලෝම විනාශවන්නෙමුදැයි කීවෝය.
පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස් මා විසින් මාගේ ජවලිතයෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙහි මාගේ ජවලිතයෙන් ජවලිතව සිටීමෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් මාගේ උදහස පහකෙළේය.
මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන්ට කථාකොට: නුඹලා එකිනෙකා බාල්පෙයෝර්ට එක්වූ තම තමාගේ මිනිසුන් මරන්නැයි කීය.
මහත් ගල් ගොඩක්ද ඔහු පිට ගොඩගැසූහ, එය අද දවස දක්වා තිබේ; ස්වාමීන්වහන්සේ තමන්ගේ බලවත් උදහසෙන් හැරුණුසේක, එබැවින් ඒ ස්ථානයට අද දවස දක්වා ආකොර් මිටියාවතයයි කියනලද්දේය.