කාන්තාරය ඉදිරිපිට පෙනෙන පෙයෝර් මුදුනට බාලාම් ගෙනගියේය.
ඔව්හු බාල්පෙයොර්ටත් බැඳී, මළවුන්ට පිදූ දේ කෑවෝය.
බාමොතෙන් මෝවබ් රටේ තිබෙන මිටියාවත සහ කාන්තාරය ඉදිරිපිට තිබෙන පිස්ගා මුදුන දෙසටද ගමන් කළෝය.
බාලාක්ද: එන්න, වෙන තැනකට නුඹ ගෙනයන්නෙමි; එතැන සිට මා උදෙසා ඔවුන්ට ශාප කරනවාට දෙවියන්වහන්සේ සමහරවිට ප්‍රසන්නවනසේකැයි බාලාම්ට කියා,
බාලාම්ද: මෙහි පූජාසන සතක් මට ගොඩනගා ගොන් සත්දෙනෙක් සහ බැටළුවන් සත්දෙනෙක් මෙහි මට පිළියෙළකරන්නැයි බාලාක්ට කීවේය.
එවිට ඉශ්‍රායෙල්ට ආශීර්වාදකිරීමට ස්වාමීන්වහන්සේ ප්‍රසන්න බව බාලාම් දුටු කල වෙන වතාවල මෙන් මායම් කරන්ට නොගොස් තමාගේ මුහුණ කාන්තාරය දෙසට හරවා ගත්තේය.