ඔහු බාලාම්ට කථාකොට: මම ඕනෑකමින් නුඹට එන්ට කියා නෑරියෙම්ද? නුඹ මා වෙතට නාවේ මක්නිසාද? සැබවින් නුඹ ගෞරවයට පමුණුවන්ට මට බැරිදැයි ඔහුට කීවේය.
මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය.
බාලාක්තෙමේ බාලාම් ආ බව අසා ඔහු සම්බ වන පිණිස අර්ණොන් සීමාවට ළංවූ සීමාන්තයෙහි තිබෙන මෝවබ් නුවරට ගියේය.
බාලාම් කථාකොට: මෙන්න, මම නුඹ වෙතට ඇවිත් සිටිමි. මොකවත් කියන්ට දැන් මට කිසි බලයක් ඇද්ද? දෙවියන්වහන්සේ මාගේ මුඛයෙහි තබන වචනයම කියන්නෙමියි බාලාක්ට කීවේය.
එබැවින් නුඹේ ස්ථානයට දුවන්න. මම නුඹ මහත් ගෞරවයට පමුණුවන්ට සිතීමි; එහෙත් ස්වාමීන්වහන්සේ ගෞරවයට පැමිණීමෙන් නුඹ වැලැක්වූසේකැයි බාලාම්ට කීවේය.
උන්වහන්සේට කථාකොට: මේ මුළු බලයද එහි ඓශ්චර්යයද ඔබට දෙන්නෙමි. මක්නිසාද ඒවා මට භාරදී තිබේ; මම කැමති කෙනෙකුට ඒවා දෙමි.
එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද?