තවද ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඉශ්‍රායෙල් විසින් අමෝරිවරුන්ට කළ සියල්ල දුටුවේය.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ හඬට ඇහුම්කන්දී කානානිවරුන් ඔවුන්ට පාවාදුන්සේක; එවිට ඔව්හු ඔවුන් සහ ඔවුන්ගේ නුවරවල් සහමුලින්ම විනාශකළෝය. ඒ ස්ථානයට හොර්මා යන නම තබනලදී.
එකල ශිප්පෝර්ගේ පුත්‍රවූ මෝවබ්හි රජවූ බාලාක් නැගිට ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකර, නුඹලාට ශාපකරන පිණිස බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ට අඬගසා හැරියේය.
ඉතින් ශිප්පොර්ගේ පුත්‍රවූ මෝවබ්හි රජවූ බාලාක්ට වඩා නුඹ කොයි ආකාරයකින්වත් උතුම්ද? ඔහු ඉශ්‍රායෙල් සමඟ කවදාවත් විවාදකෙළේද? නොහොත් ඔවුන්ට විරුද්ධව කවදාවත් යුද්ධකෙළේද?