මෝවබ්හි අධිපතියෝ නැගිට බාලාක් වෙතට ගොස්: බාලාම් අප සමඟ එන්ට බැරිය කියන්නේයයි කීවෝය.
බාලාම් උදය නැගිට බාලාක්ගේ අධිපතීන්ට කථාකොට: නුඹලාගේ දේශයට යන්න. මක්නිසාද නුඹලා සමඟ යන්ට ස්වාමීන්වහන්සේ මට ඉඩ නොදෙනසේකැයි කීවේය.
බාලාක් ගණනින් ඔවුන්ට වැඩිවූ ඔවුන්ට වඩා ගරුතරවූ අධිපතීන් නැවත යැවීය.
ඔහු බාලාම්ට කථාකොට: මම ඕනෑකමින් නුඹට එන්ට කියා නෑරියෙම්ද? නුඹ මා වෙතට නාවේ මක්නිසාද? සැබවින් නුඹ ගෞරවයට පමුණුවන්ට මට බැරිදැයි ඔහුට කීවේය.