මෝසෙස් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කෙළේය. ඔව්හු මුළු සභාව ඉදිරියෙහි හෝර් කන්දට නැංගෝය.
ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට අන්දවන්න. ආරොන් එහිදී මැරී තමාගේ සෙනඟට එකතුවන්නේයයි කීසේක.
එවිට මෝසෙස් ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට ඒවා ඇන්දෙවුවේය; ආරොන් එහි කන්ද මුදුනේදී මළේය. එවිට මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් බැස්සෝය.
ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.