ඔහු: නුඹ නොඑවයි කීවේය. තවද ඒදොම්වරු මහත් සෙනඟක්ද බලවත් අතක්ද ඇතුව ඔවුන්ට විරුද්ධව ආවෝය.
ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය.
පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය.
මම සමාදානයට කැමැත්තෙමි. නුමුත් මා කථාකරන කල ඔව්හු සටනට සැරසෙති.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒදොම්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔහු කඩුව ඇතුව තමාගේ සහෝදරයා පස්සේ එළවාගනගොස්, තමාගේ අනුකම්පාව සහමුලින්ම පහකොට, තමාගේ උදහසින් නිතරම ඉරාදමා, තමාගේ කෝපය සෑමකල්හිම තබාගත්තේය.
ඒදොම්ද: නුඹ මාගේ රට මැදින් නොගිය යුතුය, ගියොත් මම නුඹට විරුද්ධව කඩුව ගෙන එන්නෙමියි ඔහුට කීවේය.
මෙසේ ඒදොම්වරු තමුන්ගේ සීමාව මැදින් ඉශ්‍රායෙල්ට යන්ට දෙන්ට අකැමැති වූහ. එබැවින් ඉශ්‍රායෙල්වරු ඔවුන් කෙරෙන් අහක්ව ගියෝය.
එවිට ඉශ්‍රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවිඩකාරයන් යවා: ඔබගේ දේශය මැදින් යන්ට අවසර ලැබේවයි කියා ඇරියෝය. නුමුත් ඒදොම් රජ ඇහුම්කන් නුදුන්නේය. මෝබව් රජු වෙතටත් එසේම පණිවිඩකාරයන් ඇරියෝය. ඔහුද කැමතිවුණේ නැත. ඉශ්‍රායෙල්වරුද කාදෙෂ්හි නැවතී සිටියෝය.
නුමුත් සීහොන් තමාගේ දේශය මැදින් යාම ගැන ඉශ්‍රායෙල්වරුන් විශ්වාස නොකර, තමාගේ මුළු සෙනඟ රැස්කොට, යහශ්හි කඳවුරු බැඳ, ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකෙළේය.