Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 20:17

Sinhala Revised Old Version

නුඹේ දේශය මැදින් යන්ට අපට අවසර ලැබේවා. අපි කෙත් මැදින්වත් මිදිවතු මැදින්වත් නොයන්නෙමුව, ළින්වලින් වතුර නොබොන්නෙමුව. රජ මාවත යන්නෙමුව, නුඹේ සීමාව පසුකරන තෙක් අපි දකුණටවත් වමටවත් නොහැරෙන්නෙමුයයි කියන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

බැලුවමැනව, ඉශ්‍රායෙල් මිසරයෙන් ආකල අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ද සෙයිර් කඳුකරයේ වැසියන්ද අතරට පැමිණෙන්ට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශනොකර, ඔවුන් වෙතින් අහක්ව ගියෝය.

දකුණු දිසාවෙහි වාසයකළ කානානීයවූ අරද්හි රජ අතාරීම් මාර්ගයෙන් ඉශ්‍රායෙල්වරුන් එන බව අසා ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් සමහරෙක් අල්ලාගත්තේය.

නුඹේ දේශය මැදින් යන්ට මට අවසර ලැබේවා. දකුණටවත් වමටවත් නොහැරී මහමාවත යන්නෙමි.

සේයිර්හි වාසයකරන ඒසව් පුත්‍රයන්ද ආර්හි වාසය කරන මෝවබ්වරුන්ද මට කළාක්මෙන් නුඹත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන දේශයට අප යොර්දානෙන් එතරව යන තුරු,

කන්ට මට ආහාර මිලේට විකුණා, බොන්ට මට වතුර මිලේට දුන මැනවි. පයින් යන්ට පමණක් මට අවසර ලැබේවයි කියා ඇරියෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්