ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය. එසේ ඔව්හු තමුන්ගේ වංශවල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත් ලෙස තමුන්ගේ ධජවල හැටියට කූඩාරම් ගසාගත්තෝය, එසේම නික්ම ගියෝය.
ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලජ්ජා නොවන්නෙමි.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ සියලු කර්මාන්ත කළෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සීනයි කාන්තාරයේදී ඔවුන් ගණන් කෙළේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ කඳවුර ළඟද තම තමුන්ගේ ධජය ළඟද තමුන්ගේ සේනා ප්‍රකාරයට කූඩාරම් ගසාගන්නෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කළෝය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔව්හු කළෝය.
එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් ප්‍රකාර සීනයි කාන්තාරයෙන් පිටත්ව ගියෝය; වලාකුළ පාරාන් කාන්තාරයෙහි නැවතුණේය.
තමුන්ගේ සේනාවල හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් කිරීම් මෙයාකාරය; ඔව්හුද පිටත්ව ගියෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ පිය පෙළපත්වල විශේෂ ලකුණු ඇති තම තමුන්ගේ ධජය ළඟ සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට වටකරින් තමුන්ගේ කූඩාරම් ගසාගනිත්වා.
එහෙත් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ලෙවීවරු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබුවෝය.
උන්වහන්සේ යාකොබ් කෙරෙහි අයුතුකමවත් ඉශ්‍රායෙල් කෙරෙහි දූෂ්‍යකමවත් නුදුටුසේක. ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින සේක, ඔවුන් අතරේ රජෙකුගේ ජය ඝෝෂාව ඇත්තේය.
බාලාම් තමාගේ ඇස් ඔසවා ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට වාසයකරන බව දුටුවේය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි පැමිණියේය.
ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස් සමඟ කථාකළ දවසෙහි ආරොන්ගේ සහ මෝසෙස්ගේ පෙළපත් මේ ආකාරය.
ඔවුන් දෙදෙනාම ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියෝය.