එවිට සම්මුඛවීමේ කූඩාරම කඳවුරුවලට මැදිව ලෙවීවරුන්ගේ කඳවුර සමඟ පිටත්ව යන්නේය. ඔව්හු කූඩාරම් ගසාගන්න පිළිවෙළටම තම තමුන්ගේ ස්ථානවල සිට තමුන්ගේ ධජවල හැටියට පිටත්ව යා යුතුය.
මණ්ඩපයද බානලද්දේය; එවිට මණ්ඩපය උසුලා ගෙනයන්නෝ වන ගේර්ෂොන්ගේ පුත්‍රයෝද මෙරාරීගේ පුත්‍රයෝද පිටත්ව ගියෝය.
එවිට කොහාත්වරු පිටත්වී ශුද්ධස්ථානය උසුලාගන ගියෝය. ඔවුන් එනතුරු අනික් අය මණ්ඩපය පිහිටෙවුවෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කථාකොට කියනසේක්:
බස්නාහිර පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. එප්‍රායිම්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා වන්නේය.
නැගෙනහිර පැත්තෙහි මණ්ඩපයට ඉස්සරහපිටින් නැගෙන ඉරට සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට කඳවුරු බැඳගන්නෝනම් මෝසෙස් හා ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද වෙත්. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝය; ළංවන්නාවූ අන්‍යයා මරනු ලබන්නේය.
නුමුත් සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා.
මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, නුඹලාගේ පිළිවෙළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.