පුලුස්සා දැමූ පාප පූජාවේ අලුවලින් ස්වල්පයක් අපවිත්‍ර තැනැත්තා උදෙසා රැගෙන භාජනයක දමා ගලායන වතුර ඒවා පිට වත්කරත්වා.
ඊසාක්ගේ වැඩකාරයෝ මිටියාවතෙහි හාරා එහි දිය උල්පත් ඇති ළිඳක් ලබාගත්තෝය.
නුඹ උයන් උල්පතකුත් ජීවමාන දිය ඇති ළිඳකුත් ලෙබනොන් සිට ගලායන ඔයවලුත්ය.
නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි.
ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.
එවිට පවිත්‍ර කෙනෙක් හිසොප් රැගෙන ඒ වතුරේ ගල්වා කූඩාරමේද එහි සියලු භාජනවලද එහි සිටිය සියලු තැනැත්තන් පිටද ඇටයක්වත් මැරුම්කෑ කෙනෙක්වත් මළකෙනෙක්වත් මිනීවළක්වත් ස්පර්ශවූ තැනැත්තා පිටද ඉසීවා.
පවිත්‍ර මනුෂ්‍යයෙක් ගොන් නෑම්බියගේ අලු එකතුකර කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක තබාවා, එය අපවිත්‍රකම පහකිරීමේ වතුරක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව උදෙසා තබාගනු ලබන්නේය. එය පාප පූජාවක්ය.
සියලු දේ ගින්නෙහි දමා අරගන්න, එවිට ඒවා පවිත්‍රවන්නේය; එසේවී නුමුත් අපවිත්‍රකම පහකිරීමේ වතුරෙන් ඒවායේ දෝෂ පහකළ යුතුය. එහෙත් ගිනි ඉසිලිය නොහැකි සියල්ල වතුරෙහි දමාගත යුතුය.
මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක.
මක්නිසාද එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්ද, අශුද්ධවී සිටින්නන්ට එළනෑම්බියෙකුගේ අළු ඉසීමෙන්ද මාංසය පවිත්‍රවෙන හැටියට පිරිසිදුකරනු ලබන්නේ නම්,
මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේකැයි කීවේය.