Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 18:3

Sinhala Revised Old Version

ඔව්හු නුඹටත් මුළු කූඩාරමටත් සේවයකරත්වා. ඔවුන්වත් නුඹලාවත් නොනසින පිණිස ඔව්හු ශුද්ධස්ථානයේ භාජනවලටවත් පූජාසනයටවත් ළංනොවෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

මට පූජකකම් කරමින් මාගේ සියලු ශුද්ධ දේවල් වන අතිශුද්ධ දේවලින් යමක් ළඟටවත් මා ළඟටවත් ඔවුන් නොපැමිණිය යුතුය. ඔවුන් තමුන්ගේ ලජ්ජාව සහ තමුන් කළ තමුන්ගේ පිළිකුල්කමුත් දරනවා ඇත.

මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය.

එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.

ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.

කූඩාරමේ සියලුම සේවය පිණිස ඔව්හු නුඹට එකතුවී සම්මුඛවීමේ කූඩාරම සම්බන්ධව සේවය කරත්වා. අන්‍යයෙක් නුඹලා ළඟට නොපැමිණේවා.

නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් නුඹලාගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට නුඹලාට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක.

සම්මුඛවීමේ කූඩාරමෙහි ගේර්ෂොන් පුත්‍රයන්ගේ භාරයනම් මණ්ඩපය සහ කූඩාරමද ඒකේ වැස්ම සහ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද,

ඔවුන්ගේ භාරය නම් පෙට්ටියද මේසයද පහන්රුකද පූජාසනද ශුද්ධස්ථානයෙහි සේවයට ගන්නා භාජනද කඩතුරාවද ඊට අයිති සියලු වැඩද බලාගැනීමය.

මෙරාරීගේ පුත්‍රයන්ට නියම භාරයනම් මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද කුළුනුද අඩිද ඒකේ සියලු උපකරණද ඒකේ මෙහෙයට ගන්නා සියල්ලද;

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද සියලු ආකාර මෘගයන්ගෙන්ද පනසකින් එකෙකු බැගින් වෙන්කොට රැගෙන ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය භාරකාරවූ ලෙවීවරුන්ට දෙන්නැයි කීසේක.

කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්