එහෙත් ලෙවීවරුම සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කර තමුන්ගේ අපරාධ ගැන වග කියන්නෝය. ඒක නුඹලාගේ පරම්පරාවල සදාකාල පනතක් වන්නේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ට කිසි උරුමයක් නොවන්නේය.
සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තිබෙන තිරයට පිටතින් සම්මුඛවීමේ කූඩාරමෙහි ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස පටන් උදය දක්වා ඒක පිළියෙළකර තබන්නෝය. ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ පරම්පරාවල පැවැත්විය යුතු නිරන්තර පනතක් වන්නේය.
තමුන්ගේ දේවරූප පස්සේ මුළාව ගිය ඉශ්‍රායෙල්වරුන් මුළාව ගිය කල මා වෙතින් අහක්ව ගියාවූ ලෙවීවරු ස්වකීය අයුතුකම දරන්නෝය.
ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ පිය වංශයද ශුද්ධස්ථානය සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹලාගේ පූජකකම සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත.
ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: ඔවුන්ගේ දේශයෙහි කිසි උරුමයක්වත් ඔවුන් අතරෙහි කිසි කොටසක්වත් නුඹට නොවන්නේය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි නුඹේ කොටසද නුඹේ උරුමයද මමය.
එය ඔවුන්ට නිරන්තර පනතක් වන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඉසින්නාද තමාගේ වස්ත්‍ර සෝදා ගනීවා; අපවිත්‍රකම පහකිරීමේ වතුර ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේය.
ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමි වන විසිතුන්දාහක්ය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ කිසි උරුමයක් ඔවුන්ට නුදුන් බැවින් ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබූහ.
ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඉදිරියෙහි ඔහුට සහ මුළු සභාවටත් සේවය කරමින් මණ්ඩපයේ වැඩ කරත්වා.
මේවා නුඹලාගේ පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාට විනිශ්චයේ පනතක් වන්නේය.
එබැවින් ලෙවීට තමාගේ සහෝදරයන් සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස ස්වාමීන්වහන්සේම ඔහුගේ උරුමයය.)
ලෙවී ගෝත්‍රයට පමණක් ඔහු කිසි උරුමයක් නුදුන්නේය; ඔහු ඔවුන්ට කී ලෙස ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජාවල්ය.